Secure Your Future Wealth
Ledger Nano S Plus සහ Nano X භාවිතය, ආරක්ෂාව සහ Self-Custody ගැන A to Z ඉගෙන ගන්න. ඔබ සතු Crypto වල එකම හිමිකරු ඔබ වන්න.
Cold Storage
ඔබේ Private Keys අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව (Offline) සුරක්ෂිතව තබයි. Online Hackers ලාගෙන් 100% ආරක්ෂාව.
Total Control
"Not your keys, not your coins." බැංකුවක් හෝ Exchange එකක් මත යැපෙන්න එපා. ඔබේ මුදල්වල පූර්ණ පාලනය ඔබටම පමණයි.
Ledger Live
User-friendly App එකක් හරහා Portfolio එක Manage කරන්න, Staking කරන්න සහ Crypto Buy/Sell කරන්න පහසුයි.
Nano S Plus vs Nano X
Model දෙකේම Security එක සමානයි (EAL5+ Certified). ප්‍රධාන වෙනස තියෙන්නේ Connectivity සහ Price එක මතයි.
Ledger Nano S Plus
Best for Desktop Users (USB Only)
Ledger Nano X
Best for Mobile (Bluetooth + Battery)
Setup Guide: පියවරෙන් පියවර
ඔබේ Ledger Device එක Unbox කළ පසු, මෙම පියවර අනුගමනය කරන්න. මේක තමයි වැදගත්ම කොටස. Don't rush!
Official App එක Download කරන්න
පළමුවෙන්ම ledger.com/start වෙත ගොස් Ledger Live App එක ඔබේ PC එකට හෝ Phone එකට Download කරගන්න.
⚠️ Warning: වෙනත් කිසිම වෙබ් අඩවියකින් Download කරන්න එපා. Phishing Scams වලට අහුවෙන්න පුළුවන්.
- ✓ Connect your device via USB.
- ✓ Follow instructions on the Ledger Live screen.
PIN Code එකක් සකසා ගැනීම
ඔබේ Device එක Unlock කරන්න මේ PIN එක ඕන වෙනවා. Device එක "Set up as new device" ලෙස තෝරන්න.
ඉලක්කම් 4ක් හෝ 8ක් අතර PIN එකක් තෝරගන්න.
ලේසි ඉලක්කම් (1234, 0000, 5555) පාවිච්චි කරන්න එපා.
Recovery Phrase (වචන 24)
මේක තමයි ඔයාගේ මුදල් වල යතුර. Device එකේ Screen එකේ පෙන්නන වචන 24 අනුපිළිවෙලට කොලයේ ලියාගන්න.
DO's ✅
- ලබා දී ඇති Recovery Sheet එකේ ලියන්න.
- Metal Plate එකක කෙටීම වඩාත් ආරක්ෂිතයි.
- Safe එකක හෝ බැංකු Locker එකක දාන්න.
DON'Ts ❌
- Phone එකෙන් Photo ගන්න එපා.
- PC එකේ Note Save කරන්න එපා.
- කිසිම කෙනෙක් එක්ක Share කරන්න එපා.
Verify & Finish
Device එකෙන් අහන විදියට වචන ටික confirm කරන්න. සියල්ල හරි නම් "Your device is ready" කියලා වැටෙයි.
දැන් ඔයාට Ledger Live හරහා Bitcoin, Ethereum Apps install කරගන්න පුළුවන්.
Asset Security Risk Analysis
Risk vs. Reward
Online Exchanges (Binance, Coinbase) හරිම ලේසියි. හැබැයි "Not your keys, not your coins". Exchange එක Hack වුනොත් හෝ Bankrupt වුනොත් (like FTX), ඔබේ මුදල් ඉවරයි.
Offline Keys (Cold Storage)
අන්තර්ජාලයට සම්බන්ධ නැති නිසා Remote Hacking කරන්න බැහැ.
Physical Verification
ඕනෑම Transaction එකක් යවන්න Device එකේ භෞතිකව බොත්තම් ඔබන්න ඕන.
Pro Tips & Secrets
Professional users දැනගත යුතුම දේවල්.
