LWt9MaZ9NWtbMqB4Mat8Map8NTcsynIkynwbzD1c

Binance

BLANTERLANDINGv101
8847040826697857950

Binance

2026-01-26T11:44:00+05:30
Binance Ultimate Guide - LearnToEarn
Crypto Trading 101

Master Binance Like a Pro.

Binance කියන්නේ මොකක්ද? Account එකක් හදාගෙන, Verify කරලා, Trade එකක් දාලා Profit ගන්න හැටි A to Z සරලව, Professional විදියට ඉගෙන ගන්න.

Current Market

BNB / USDT

▲ +2.45%

What is Binance?

Binance කියන්නේ World එකේ No.1 Cryptocurrency Exchange එක. Simply කිව්වොත්, Digital Assets (Bitcoin, Ethereum etc.) ආරක්ෂිතව Buy, Sell සහ Store කරන්න පුළුවන් ලෝකෙ ලොකුම Platform එක.

🌍

Global & Trusted

ලොව පුරා මිලියන 150+ Users ලා පාවිච්චි කරන, High Security තියෙන Platform එකක්. Sri Lanka වෙ ඉඳන් ලේසියෙන්ම Access කරන්න පුළුවන්.

💱

P2P Trading

අපේ Bank Account එකෙන් කෙලින්ම LKR දීලා USDT, BTC ගන්නත්, තියෙන Crypto විකුණලා කෙලින්ම Bank එකට සල්ලි ගන්නත් පුළුවන් Best ම option එක.

💰

Multiple Earning Ways

Trading විතරක් නෙමෙයි, Binance Earn හරහා ඔයාගෙ Crypto 'Deposit' කරලා තියලා Bank එකේ වගේ Interest (පොලියක්) ගන්නත් පුළුවන්.

Getting Started Roadmap 🚀

Step 1: Sign Up

මුලින්ම Binance App එක හෝ Web එකට ගිහින් Sign Up Button එක Click කරන්න.

  • Valid Email Address එකක් හෝ Phone Number එකක් දෙන්න.
  • Strong Password එකක් Create කරගන්න (Capital letters, Numbers, Symbols එක්ක).
  • Referral ID: යාළුවෙක්ගේ ID එකක් තියෙනවනම් දාන්න. නැත්නම් Trading Fee Discounts ලැබෙන්නේ නෑ.

Binance Wallets Explained 🏦

ගොඩක් අයට පැටලෙන තැනක් තමයි මේ Wallets. Binance එක ඇතුලේ Wallets වර්ග කිහිපයක් තියෙනවා. මේ දෙක තමයි ප්‍රධානම.

1. Funding Wallet

P2P හරහා (ඒ කියන්නේ LKR දීලා) ගන්න USDT, BTC මුලින්ම එන්නේ මෙතනට. ඔයා කාට හරි Pay කරනවා නම් (Binance Pay) ඒකත් යන්නේ මෙතනින්.

Use for: P2P Buy/Sell, Binance Pay, Gift Cards

2. Spot Wallet

Trade කරන්න (Coin එකක් අරන් තියාගන්න) නම් සල්ලි තියෙන්න ඕන මෙතන. Funding Wallet එකේ තියෙන සල්ලි 'Transfer' ඔබලා Spot එකට දාගන්න ඕන.

Use for: Trading, Investing, Holding

Trading Basics 📈

Spot Trading කියන්නේ සරලවම "මිල අඩු වුනාම අරන්, මිල වැඩි වුනාම විකුණන" එකයි. (Buy Low, Sell High).

Order Types (වැදගත්ම කොටස)

⚡ Market Order

වෙළඳපොලේ දැනට තියෙන මිලට (Current Price) ක්ෂණිකව Coin එක Buy හෝ Sell කිරීම. ඉක්මනට ගන්න ඕන නම් මේක හොඳයි.

🎯 Limit Order

අපි කැමති නිශ්චිත මිලක් දාලා තියන එක. උදා: දැනට $100 යි, මට $90 දී ගන්න ඕන. එතකොට $90 ට Order එක දාන්න පුළුවන්.

⚠️ Risk Management & Safety

  • 🛑
    Stop Loss පාවිච්චි කරන්න

    මෙය වාහනයක "Seat Belt" එක වගේ. මිල හිතුවට වඩා පහල ගියොත්, ලොකු පාඩුවක් නොවී බේරෙන්න කලින්ම නියම කළ මිලකදී විකුණන්න Stop Loss දාන්න.

  • 💰
    Money Management (මුදල් කළමනාකරණය)

    තමන්ගාව ආයෝජන වලට අතිරික්ත මුදල් ඇත්නම් පමණක් මේව කරන්න ඒ අතිරික්තයෙනුත් කොටසක් පමණක් භාවිතා කරන්න.කවදාවත් ඔක්කොම සල්ලි එක Coin එකකට දාන්න එපා. (Don't put all eggs in one basket). Coins 3-4 කට වත් බෙදලා දාන්න.

BTC/USDT Simulator

Interactive Learning Chart

1D Timeframe

Binance Earn Calculator 🧮

ඔයාගේ Crypto නිකන් Wallet එකේ තියන් ඉන්නවට වඩා, Staking වලට දාලා Passive Income එකක් ගන්න පුළුවන්. (Simple Earn & Launchpool වගේ දේවල් වලින්).

Estimated Total Value

$1,080.00

+ $80.00 Profit

🛡️

Safety First: Pro Tips

Anti-Phishing Code

Binance එකෙන් එන Email බොරු ඒවාද (Scam) කියලා හොයාගන්න, ඔයාට පුළුවන් පොඩි Code එකක් Set කරගන්න. එතකොට නියම Binance Email වල විතරක් ඒ Code එක පෙන්නනවා.

Withdrawal Whitelist

Withdraw කරනකොට ඔයා කලින් Save කරපු Address වලට විතරක් යවන්න පුළුවන් විදියට හදාගන්න. Hack වුනත් හොරාට වෙන Address එකකට යවන්න බෑ.

👍 Pros (වාසි)

  • SAFU Fund Protection: "Secure Asset Fund for Users" නමින් ඩොලර් බිලියනයක පමණ රක්ෂණ අරමුදලක් ඇත. හදිසියේ Exchange එක Hack වුවහොත් පාරිභෝගික මුදල් ආපසු ගෙවීමට මෙය භාවිතා කරයි.
  • Huge Coin Selection: Bitcoin, Ethereum වලට අමතරව වෙනත් Altcoins (Cryptocurrencies) 350+ කට වැඩි ප්‍රමාණයක් එකම තැනකින් ලබා ගත හැක.
  • Low Fees & Discounts: සාමාන්‍ය Trading fee එක 0.1% කි. නමුත් BNB Coin එකෙන් ගාස්තු ගෙවන්නේ නම් 25% ක විශේෂ වට්ටමක් ලැබේ.
  • Best P2P Market: ලංකාවේ බැංකු ගිණුම් වලට කෙලින්ම (LKR වලින්) ඉතාම ඉක්මනින් සහ ආරක්ෂිතව මුදල් ගැනීමේ පහසුකම (Escrow Service සහිතයි).
  • Passive Income: Binance Earn හරහා ඔබේ Coins නිකම් තබාගෙන සිටිනවා වෙනුවට, බැංකුවක මෙන් පොලියක් (APY) උපයා ගත හැක.

👎 Cons (අවාසි)

  • Strict Verification (KYC): මෙය නිර්නාමික (Anonymous) නොවේ. ID Card හෝ Passport දී අනිවාර්යයෙන්ම Verify කළ යුතුය. සමහර විට Verification Fail වීම් සිදු විය හැක.
  • Regulatory Pressure: ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක නීතිමය ගැටළු පවතී. මෙය ලංකාවට දැනට බල නොපෑවද, ජාත්‍යන්තර නීති වෙනස්වීම් බලපෑ හැකිය.
  • Wallet Maintenance: සමහර අවස්ථාවලදී කාර්මික නඩත්තු කටයුතු (Maintenance) නිසා පැය කිහිපයකට Withdrawals නතර කර තැබිය හැක. හදිසියකදී මෙය ගැටළුවකි.
  • Complexity for Beginners: Features දහස් ගණනක් ඇති නිසා මුලින්ම එන කෙනෙකුට පටලැවෙන සුළුයි (Lite Version භාවිතා කිරීම විසඳුමකි).
BLANTERLANDINGv101
Join Our Team×
Your Info
Mining කරන ආකාරය
ඔබ Web Miner කෙනෙක් Buy කර Mining කිරීමට බලාපොරොත්තු වෙනවාද?
Join